කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට.
පසුගිය 23 වනදා කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ඉබි යතුරු කඩා දමමින් ඊට ඇතුළු වී නිරෝධායන නීති උල්ලංඝනය කිරිමත් දේපළවලට හානි සිදු කිරීමත් යටතේ කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි.
ක්‍රිඩාංගන කලමණාකරුගෙ පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කළුතර දකුණ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
