කොරෝනා අවධානම නොසලකා බ්‍රිතාන්‍ය වැසියන් ලක්ෂ ගණනින් වෙරළ තීර වෙත.
කොරෝනා මරණ සංඛ්‍යාව තව තවත් වර්ධනය වෙමින් පවතින තත්වයක් තුළ කෝවිඩ් -19 වෛරසයට අදාලව පනවා ඇති මාර්ගෝපදේශන, නිති රීති පවා නොසලකා හරිමින් බ්‍රිතාන්‍ය වැසියන් මෙලෙස වෙරළ තීරයන් වෙත එක් රැස් වන බව වාර්තා වේ.
මෙම තත්වය හමුවේ වෙරළ තීරයන් වසා දැමීමට බ්‍රිතාන්‍ය රජය ද මැලිකමක් දක්වන බව එරට පාරිසරීක ලේකම් ජෝර්ජ් යුස්ටිස් මහතා පවසයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා පෙන්වා දෙන්නේ ආසාදන වැඩි වුවහොත් මුහුදු වෙරළ වසා දැමිමට ඉදිරියෙදි කටයුතු කරන බවයි.
බ්‍රිතාන්‍ය රජය දැඩි අපහසුතාවයට පත්කරමින් බ්‍රිතාන්‍ය වැසියන් තම සුපුරුදු නිදහස සොයා යෑමෙන් කෝවිඩ් -19 අදාල නඩු කටයුතු ඉදිරියේ දී සීඝ්‍ර ලෙස ඉහළ යා හැකි බව එරට මහාචාර්යවරයෙකු වන ක්‍රිස් විට්ටි මහතා පෙන්වා දෙයි.
මේවන විට බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 43,320 කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.




