අරවින්ද ද සිල්වාගෙන් පසු උපුල් තරංගවත් විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි.
ලෝක කුසාලන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයෙදී ඊට අදාලව ප්‍රකාශයක් ලබාගැනිමට කි‍්‍රකට් ක‍්‍රීඩක උපුල් තරංග මහතා අද(01) පෙරවරුවේ කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇත.
2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසාන මහ තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස උපුල් තරංග මහතා ක්‍රීඩා කරන ලදී.
ඊයේ(30) දිනයේදි හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගෙන්ද මෙම විශේෂ ඒකකය පැය 5 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මෙම චෝදනාව පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේද අවධානය යොමුව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
