දේශීය

කොරෝනා නිසා බිද වැටුණු ආර්ථිකය නැවත ගොඩනැගිය හැක්කේ UNP ආණ්ඩුවට බව රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වූූ ජන හමුවකදී රැකියා අහිමිවන පුද්ගලයින් වෙනුවෙන් ඉදිරියේදී මසකට රුපියල් දසදහසක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ් බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වූ අවස්ථාවේ දීය.

ආණ්ඩු බලය ලබා ගැනීමට තරඟ වදින එකම පක්ෂය වන්නේ ද එක්සත් ජාතික පක්ෂය බවත් ඒ සඳහා නිසි වැඩසටහනක් ඉදිරිපත් කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *