විදේශීය

අයිශ්වර්යා රායි සහ දියණිය රෝහල් ගත කෙරේ

ඉන්දීය සුරූපි නිළි අයිශ්වර්යා රායි සහ ඇයගේ දියණිය covid 19 හේතුවෙන්  ඊයේ (17) මුම්බායි හි පිහිටි “නැණවති” රෝහල වෙත ඇතුළත් කර ඇත.

ඉන්දීය සුපිරි නළු අමිතා භච්චන්, අභිෂේක් භච්චන්, අයිශ්වර්යාරායිට මෙන්ම ඇයගේ දියණිය ආරාධ්‍ය භච්චන්ට covid 19 ආසාදනය වී ඇති බව පසුගිය දිනවල ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කර තිබුණි.

වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව අයිශ්චර්යාරායි සහ ආරාධ්‍යා බච්චන් මුම්බායි හී පිහිටි ජල්සා මන්දීරයේ ස්ව්‍යං නිරෝධානය වෙමින් සිටියහ.

නවතම ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ අමිතාබ්, අභිෂේක්, අයිශ්චර්යා සහ ආරාධ්‍යා මුම්බායි හී “නැණවති” රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *