දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන් අසනීප නිවාඩු වාර්තා කරයි

ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ අද 08 වැනි දිනට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින් අද දින දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන් අසනීප නිවාඩු වාර්තා කර ඇති බවත් සඳහන් කළ බවයි. මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් ගොඩනැගිලි අයදුම් පත්‍ර පරීක්ෂාව, වෙළඳ සැල් පරීක්ෂාව, ආහාර සෞඛ්‍ය කටයුතු පරීක්ෂාව, කැළිකසල කළමනාකරණ කටයුතු ඇතුලු සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කරන කාර්යයන් රැසක් අඩපණ වනු ඇතැයි ද ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *