පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි ජනාධිපති අවධානය යොමු වෙයි.
පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට, පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති අතර මෙම පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනය කිරීමට මහා සංඝරත්නය, විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමට ජනාධිපතිතුමා තීරණය කර ඇත.
එමෙන්ම පුරාවස්තු විනාශය නතර කොට රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීම සහ ප්‍රායෝගිකව මතුවන ගැටළු නිරාකරණය කිරීමට මෙම පනත සංශෝධනයෙන් අපේක්ෂා කෙරේ.
(24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේ දී ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
