මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබේවිද? තීරණය අද…
එළඹෙන මහ මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය රෙගුලාසිවලින් තමන් හට බලය පවරා නොදීම සහ අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සිදුකළ ප‍්‍රකාශයකට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිට ආරම්භ කර ඇති වෘත්තීය කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ නිලධාරීන් අද (28) කැඳවා තිබෙනවා.අග‍්‍රාමාත්‍යවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇති බවයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ. ඔහු කියාසිටියේ අග‍්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු අද පස්වරුවේ සිය ඉදිරි කි‍්‍රයාමාර්ග නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග තවත් වෘත්තීය සමිති 20 ක් පමණ මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට සහය පළ කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
