දේශීය

කල් දැමූ රාජාංගනයේ තැපැල් ඡන්දය අද

අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බී.එම්. සුෆ්යාන් මහතා සඳහන් කරන්නේ, තාවකාලිකව නවත්වා තිබූ අනුරාධපුර, රාජාංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය ජූලි 29 වැනි බදාදා ( අද ) උදෑසන 09.00 සිට මධ්‍යස්ථාන 5 ක දී තැපැල් ඡන්දය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

ඒ රාජංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , මහසෙන් මහා විද්‍යාලය , යාය 11 ප්‍රාදේශිය රෝහල, රාජාංගනය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය යන ස්ථාන වලදී ය.එහිදී භාවිත කිරීමට ඇති තැපැල් ඡන්ද ගණන 411කි.

මීට පෙර තැපැල් ඡන්දය පැවැති දිනයන් හි දී ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජංගනයේ පදිංචි එහෙත් වෙනත් ප්‍රදේශයන් හි සේවය කරන තැපැල් ඡන්ද දායකයින් සඳහා ද සිය ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව හිමි වේ . අනුරාධපුර  දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ, ඒ සඳහා රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වෙනම ශාලාවක් සූදානම් කර ඇති බවයි.

එලෙස රාජාංගනයේ පදිංචි එහෙත් වෙනත් කාර්යාලයන් හි සේවය කරන අයගෙන් 100 දෙනෙකු තැපැල් ඡන්ද භාවිත කර නොමැති නිසා ඔවුන්ට එම අවස්ථාව හිමි වෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *