අගහරු ග‍්‍රහයා සොයා නාසා ආයතනය නවතම අභ්‍යවකාශ මෙහෙයුමක්
ඊයේ (30) අගහරු ග‍්‍රහයා සොයා නාසා ආයතනය නවතම අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කළ අතර නව රෝවරයක් අගහරු ග‍්‍රහයා වෙත පිටත්කර හරිමින් ‘‘ මාස් 2020 ස්පේස් මිෂන් ’’ ලෙස මෙම අගහරු මෙහෙයුම නම් කර තිබෙනවා.
ඇමෙරිකානු වේලාවෙන් ඊයේ පෙරවරු 7.50 ට රෝවරය අගහරු සොයා අභ්‍යවකාශ ගත කිරීම ෆ්ලෝරීඩා ප‍්‍රාන්තයේදී සිදු කෙරුණා.
මාස 7 ක ගමනකින් අනතුරුව එය අගහරු වෙත ළගා වනු ඇතැයි අපේක්‍ෂිතයි.මෙම රෝවරය මගින් සාමාන්‍ය මෝටර් රථයක ප‍්‍රමාණයකින් යුත් භූ විද්‍යාත්මක කරුණු, පූර්ව ජීව විද්‍යාත්මක පරිසරය හා තවත් ගවේෂණ කිහිපයක් සිදු කිරීමට නියමිතව තිබෙන අතර අනාගත විද්‍යාත්මක පර්යේෂණ සඳහා අගහරුගෙන් සාම්පල් රැගෙන ඒම ද මෙම රෝවරය මගින් සිදුකරනු ඇතැයි නාසා ආයතනය අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය පැවසුවේ 70 දශකයෙන් පසු නාසා ආයතනය අගහරු පිළිබඳ දැඩි බලාපොරොත්තු සහිතව අභ්‍යවකාශ ගත කළ රෝවරය මෙය වන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
