දේශීය

ලංකාපුර Covid 19 වෛරසය ආසාදිත නිලධාරියාගේ ආශ්‍රිතයින් දහසක් PCR පරීක්‍ෂණ සඳහා යොමු කෙරේ

Covid 19 වෛරසය ආසාදනය වූ පොළොන්නරුව, ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියාගේ ආශ්‍රිතයින් දහසක් අද (31) දින PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර ඇත.

PCR පරීක්‍ෂණවල ප‍්‍රතිඵල ලැබීමෙන් පසු ඉඳිරි  ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතයි.

වෛරසය ආසාදනය වූ පුද්ගලයාගේ සමීපතමයින් සෙවීම සඳහා සෞඛ්‍ය, ආරක්‍ෂක හා බුද්ධි අංශ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතා වැඩි දුරටත් පවසන්නේ, කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේදී මෙම නිලධාරියා කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ‍්‍රිතයෙකු වුවත් ඔහුට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

මෙම නිලධාරියා සමග සමීපව ඇසුරු කළ බව කියන ඇතැම් ආශ‍්‍රිතයින් පොළොන්නරුව, හිඟුරග්ගොඩ ඇතුළු ප‍්‍රදේශ කිහිපයක විසිරි සිටින බව ලංකාපුර ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මිලින්ද සම්පත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *