Uncategorized

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සීඝ්‍රයෙන් ඉහළට

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.

මැතිවරණ පැමිණිලි 1950 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

තම සංවිධානයට මැතිවරණය ආශ්‍රිත පැමිණිලි 685 ක් ලැබී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේ ය.

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළව පැමිණිලි 1460ක් ලැබී ඇති බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?