දේශීය

පුද්ගලයින් 28 දෙනෙකු අද සිය නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා යාමට නියමිතය.

යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 28 දෙනෙකු අද (01) සිය නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා යාමට නියමිතව තිබෙනවා.

ඒ අතරින් මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් 13 දෙනෙකු නිරෝධායනය වූ පුද්ගලයින් බවයි Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

පුද්ගලයින් 28,792 දෙනෙකු මෙරටදී නිරෝධායනයට ලක්ව සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 1,866 ක් වන අතර නිරෝධායන මධ්‍යස්ථාන 33 කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *