මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකින් 349 දෙනෙකු දිවයිනට
Covid 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල සේවය කරමින් සිටිය, මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකින් 349 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ශ‍්‍රී ලාංකිකයන් 335 දෙනෙකු රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ගුවන් යානයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ අතර අද අලූයම 1.30 ට පමණ කටාර් රාජ්‍යයේ වෙළෙඳ නැව් වල සේවය කිරීම සදහා ගොස් සිටි ශ‍්‍රී ලාංකිකයන් 14 දෙනෙකු කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණියා.
දිවයිනට පැමිණි සියලූම ගුවන් මගීන් පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
