දේශීය

රජයක වගකීම දියුණු වන රටක ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, ජනතාවගේ ප්‍රමුඛ වගකීමක් වනුයේ රටට ජාතියට මෙන්ම සමාජයට සේවයක් කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර එවීම ද , දියුණු වන රටක ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම රජයක වගකීම වන බවයි.

ජනතාවට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු වීමත් සමඟ ග්‍රාමීයව මහා මාර්ග කාපට් කිරීම, කොන්ක්‍රීට් පාරවල් ඇති කිරීම, පාසල් ගොඩනැගිලි ඉදිකිරිම මෙන්ම වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා වෘත්තීය පුහුණු ආයතන ඉදිකිරීම වැනි පහසුකම් සැලසීම හරහා රැකියා උත්පාදනය කළ හැකි ක්‍රම දැනටමත් රජය විසින් සැළසුම් කොට තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *