දේශීය

ඡන්දය ප‍්‍රකාශ කිරීමට ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් බස් සේවා

ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ, මහ මැතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් අමතර බස්රථ යොදවා ඇති බවයි. අද (04) දිනයේදී අමතර බස්රථ 100 ක් ධාවනයට එක් කෙරෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස  පවසයි.ඒ අනුව මගී ජනතාවගේ අවශ්‍යතාව මත අමතර බස්රථ ධාවනයේ යෙදවීමට සිය සංගමය ද සූදානම් බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිතකුමාර පැවසුවා.

කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේදී සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *