දේශීය

ජාතික ලැයිස්තු අසුන කාටද?

2020 මහ මැතිවරණ‍යේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු අසුනක් දිනා ගත් අපේ ජන බල පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ තවමත් අවසන් වී නොමැත. ඒ අදාල පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් සියලුදෙනාගේ එකගතාවයක් ලබා ගැනීමට නොහැකි වීම නිසාවෙනි.

මේ අතර අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නම් කර ඇත. පක්ෂ සභාපති සමන් පෙරේරා මහතාගේ මූළිකත්වයෙන් පක්ෂ ලේකම් අත්සනින් අදාල ලිපිය මැතිවරණ කොමිසමේ සභාපතිට යොමු කර ඇත.

මේ අතර පසුගිය දිනක ‍‍‍ අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ වේදිනිගම විමලතිස්ස හිමියන් තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා ඉදිරිපත් වන බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි. අනතුරුව විමලතිස්ස හිමියන්ව එම ධූරයෙන් ඉවත් කිරීමට පක්ෂ සභාපති සමන් පෙරේරා ඇතුළු නිළධාරී මණ්ඩලය කටයුතු කරන ලදි.

ඥානසාර හිමිගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා යෝජනා කළ ද එම පත්වීම සම්බන්ධයෙන් නීතිමය ගැටලු පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *