දේශීය

නැවත පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ වේ.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් දීඝ නිවාඩුවකින් අනතුරුව අද (10) සිට සියලු ශ්‍රේණි සදහා පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ වන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. පසුගිය කාලයේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ උතසාහයන් දැරුව ද කොරෝනා දෙවන රැල්ලක් පිළිබද අවධානම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ විය.

5, 10, 11,12 සහ 13 ශ්‍රේණිවල පමණක් සතියේ දින පහේම පාසල් විවෘත වන අතර අනෙකුත් ශ්‍රේණි සදහා අදියර වශයෙන් අධ්‍යයන කටයුතු සිදු කෙරේ.

මේ අනුව  1,2,3,4,6,7,8 සහ 9 යන ශ්‍රේණි සදහා අදියර වශයෙන් අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *