දේශීය

අද තීරණාත්මකයි

පක්ෂ ගණනාවකින් සැදුම් ලත් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර එම ගැටලුව ඉදිරියේ අද දිනය සමගි ජන බලවේගයට තිරණාත්මක වනු ඇත. ඒ එකගවූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලබා නොදෙන්නේ නම් තමන් ඇතුළු පක්ෂ 3ක් මන්ත්‍රීවරු 15ක් සමගින් පාර්ලිමේන්තුවේ ස්වාධීන බන බව මනෝ ගනේෂන් මහතා සදහන් කර තිබීමත් සමගයි. රවුෆ් හකීම් මහතාගේ සහ රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂ සමගින් එක්වී තමන් ස්වාධීන වීමට තීරණය කළ බවයි ගනේෂන් මහතා සදහන් කර ඇත්තේ.

මේ අතර අද(10) දින සමගි ජන බලවේගයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  පළමු රැස්වීම සිදුවීමට නියමිතයි. මනෝ ගනේෂන් මහතාගේ ප්‍රකාශයත් සමගින් උණුසුම් වී ඇති පක්ෂ අභ්‍යන්තර අර්බුධය විසදා ගැනීමට අද දින අසමත් වුවහොත් එය සමගි ජන බලවේගයේ ඉදිරි ගමනට විශාල බලපෑමක් වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

තවද එක්සත් ජාතික පක්ෂය විසින් සමගි ජන බලවේගයේ ඇතැම් කොටස් තම කදවුරට දිනා ගැනීමට උත්සාහ දරන වටපිටාවක මනෝ ගනේෂන් මහතා (අද) විසදුමක් නොලැබුනහොත් තමන් ස්වාධීන වන බව පවසා තිබීම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට බොහෝ සේ අවාසිදායක වනු ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?