විදේශීය

ස්පුට්නික් V එන්නතට බිලියනයක ඇනවුම්

කොරෝනා වෛරසයට විසදුමක් ලෙස රුසියාව විසින් සොයාගත් එන්නත සාර්ථක වී ඇති අතර එය කොවිඩ් වෛරසයට එරෙහිව සොයාගත් සාර්ථකම එන්නත බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මේ වන විටත් එම එන්නත ඉල්ලුම් කර ඇති රටවල් ගණන 20කට අධික බවත් බිලියනයක පමණ ඇනවුම් දැනටමත් ලැබී ඇති බවත් රුසියාව පවසයි.

රුසියාවේ ගමාලියා ආයතනය විසින් මෙම එන්නත නිපදවා අත්හදා බලා ඇති අතර එරට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසන්නේ එන්නත සාර්ථක බව තමන්ට සියයට සියයක්ම තහවුරු කළ හැකි බවත් තම දියණියට ද එන්නත ලබා දී ඇති බවත්ය.

එන්නත නිපදවා සාර්ථකව අත්හදා බැලීමෙන් අනතුරුව රුසියාවේ සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය එයට හිමිවිය. ඉන් අනතුරුව එන්නත ලබා දුන් අය අතර ජනාධිපති පුටින්ගේ දියණිය ද පසුවෙයි.

මින් පෙර විවිධ රටවලින් කොවිඩ් ආසාදනය සදහා එන්නත් සොයා ගත් බව පැවසූව ද එම සියලු උත්සාහයන් අසාර්ථක විය. එවන් පසුබිමක රුසියානු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ඩීම් ටාරසෝව් පවසන්නේ කොවිඩ් වෛරසයට සාර්ථක විසදුමක් ලෙස ලොව පළමු එන්නත නිපදවීමට රුසියාවට හැකිවීම තුළ බටහිර රටවල් පුදුමයට පත්ව ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *