අමාත්‍ය දිවුරුම් දීම අදයි
නව රජය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට සිදු වේ.
ඓතිහාසික මහනුවර දළදා මාළිගාව පරිශ්‍රයේ පිහිටි මගුල් මඬුවේ දී අද (12) දින නව රජයේ අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක් සඳහා වූ අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරෙමින් පවති.
අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරන අතර එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇත මෙම අමාත්‍යාංශවලට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද අයත්ය. අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය පසුගිය සදුදා (10)දින සවස ප්‍රකාශයට පත් කරනු ලැබු අතර අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
