දේශීය

නව රජයේ කැබිනට් ඇමතිවරු

9 වන පාර්ලිමේන්තුව සදහා අද (12) දින කැබිනට් මණ්ඩලය පත්කරන ලදි. මහනුවර මගුල්මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවිය. නව රජයේ ආරක්ෂක අමාත්‍යධූරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දරන අතර ඉතිරි කැබිනට් අමාත්‍යධූර බෙදී ගියේ පහත පරිදිය.

මහින්ද රාජපක්ෂ මහතා – මුදල් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නාගරික සංවර්ධනය හා නිවාස අමාත්‍ය

නිමල් සිරිපාල ද සිල්වා මහතා – කම්කරු අමාත්‍ය

ජී එල් පීරිස් මහතා – අධ්‍යාපන අමාත්‍ය

පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය – සෞඛ්‍ය අමාත්‍ය

දිනේෂ් ගුණවර්ධන මහතා – විදේශ අමාත්‍ය

ඩග්ලස් දේවානන්ද මහතා – ධීවර අමාත්‍ය

ගාමිණි ලොකුගේ මහතා – ප‍්‍රවාහන අමාත්‍ය

බන්දුල ගුණවර්ධන මහතා – වෙළඳ අමාත්‍ය

ආර් එම් සී බී රත්නායක මහතා – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා –  රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජනමාධ්‍ය අමාත්‍ය

චමල් රාජපක්ෂ මහතා –  වාරිමාර්ග අමාත්‍ය

ඩලස් අලහප්පෙරුම මහතා – විදුලිබල අමාත්‍ය

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා-  මහාමාර්ග අමාත්‍ය

විමල් වීරවංශ මහතා- කර්මාන්ත අමාත්‍ය

මහින්ද අමරවීර මහතා- පරිසර අමාත්‍ය

එස් එම් චන්ද්‍රසේන මහතා – ඉඩම් අමාත්‍ය

මහින්දානන්ද අලුත්ගමගේ මහතා –  කෘෂිකර්ම අමාත්‍ය 

වාසුදේව නානයක්කාර මහතා – ජල සම්පානද අමාත්‍ය

උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා – බලශක්ති අමාත්‍ය

රමේෂ් පතිරණ මහතා – වැවිලි

ප්‍රසන්න රණතුංග මහතා – සංචාරක අමාත්‍ය

රෝහිත අබේගුණවර්ධන මහතා – වරාය හා නාවික අමාත්‍ය

නාමල් රාජපක්ෂ මහතා – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

අලි සබ්රි මහතා – අධිකරණ අමාත්‍ය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?