විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් කඩිනමින් ලංකාවට..
පවතින Covid තත්වය හමුවේ විශාල ආර්ථීක අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගොඩ ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එන්.පී.ඩී.යු.කේ.මාපා පතිරණ, කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අදාළ විදේශ කාර්යාලවල සේවය කරන නිලධාරින්ට සහ ඔවුන්ගේ සමාජිකයින් සඳහා වසරකට රුපියල් ලක්ෂ 9300ක් පමණ වැය වන බව හෙළිදරව් වේ.
ගෝලිය කොරෝනා තත්වය යතා තත්වයට පත් වන තුරු මෙම සියළු නිලධාරින් ලංකාවට ගෙන්වා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙසට ඇමතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
