දේශීය

ශ්‍රී ලාංකිකයින් 300ට වැඩි පිරිසක් යළි දිවයිනට…

ලෝක කොරෝනා තත්වය හේතුවෙන් විදේශීය රටවල අතරමංව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 300කට වැඩි පිරිසක් අද(15) අළුයම දිවයිනට පැමිණ ඇත.මෙලෙස පැමිණ ඇත්තේ, ඩුබායි, කටාර්, මුම්බායි හා ලෙබනන් හි සේවය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසකි.

ඒ අනුව,

යූ.එල්. 1506 දරන විශේෂ ගුවන් යානයෙන් ලෙබනන් බේරූට් හි සිට ශ්‍රී ලාංකිකයින් 245 දෙනෙකුත්

කටාර් සහ ඉටිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානා මගින් අබුඩාබි, දෝහා කටාර් හි සිට ශ්‍රී ලාංකිකයින් 51 දෙනෙකුත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 1042 ගුවන් යානයෙන් ශ්‍රීලාංකිකයින් 13 දෙනෙකුත් දිවයිනට පැමිණ ඇත.

මෙම පිරිස පී.සී. ආර් පරීක්ෂණයෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *