Covid 19 ආසාදිතයින් 2886ක් දක්වා ඉහළට
ජපානයෙන් පැමිණි එක් අයෙකුට සහ එමීර් රාජ්‍යයෙන් පැමිණි 3 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ(14) දින හඳුනා ගෙන තිබේ.ඒ අනුව දැනට මෙරට සිටින Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 2886ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මොවුන් සිව් දෙනා අතරින් එමීර් රාජ්‍යයේ සිට පැමිණි තිදෙනා මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙත් ජපානයෙන් පැමිණි පුද්ගලයා රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයෙත් නිරෝධායනය වෙමින් සිටිය දී කොරෝනා රෝගය ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
දැනට වාර්තා වී ඇති Covid 19 ආසාදිතයින් 2886 දෙනා අතරින් 2659 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති අතර 216 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළ තව දුරටත් නිරෝධායනය වෙමින් සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
