දේශීය

පැයේ විදුලි කප්පාදුව පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙන්න

පැය 24 පුරා ක්‍රයාත්මක වූ විදුලිය කෙරවලපිටියේ ග්‍රීඩ් උපපොළේ විදුලි ජන පද්ධතියේ ජනන සැපයුම බිඳ වැටීම හේතුවෙන් පසුගිය 17 වන දින මුළු දිවයිනටම බලපාන පරිදි විදුලිය විසන්ධි විය.

එම විදුලිය ඇණ හිටීම හේතුවෙන් ඊයේ (18) දින සිට දිවයිනටම බලපාන පරිදි දිනකට පැයක කාලයක් දින 4ක් පුරා විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව මුළු දිවයිනම කලාප 4කට වෙන්කර කලාප පරාසයන් 4ක් තුළදී විදුලිය විසන්ධි කරන බවත් එම කාල පරාසයන් වශයෙන් පස්වරු 6 සිට 7 දක්වාත්,පස්වරු 7 සිට 8 දක්වාත්, රාත්‍රී 8 සිට 9 දක්වා සහ රාත්‍රී 9 සිට 10 දක්වාත් විදුලිය විසන්ධි කරනු ලබන බවත් විදුලි ජනන පද්ධතිය යථා තත්ත්වයට පත්වන තෙක් විදුලි විසන්ධි කිරීම සිදු කිරීමට සිදුවන බවත් විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.

විදුලි අර්බුදය මෙම සති අන්තය වන විට විසඳීමට සියළු කටයුතු යොදා ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.

විදුලිය විසන්ධි කිරීම පිළිබඳ විදුලිබල මණ්ඩලයේ යෝජිත කාල සටහන පහතින් දැක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *