Uncategorizedදේශීය

විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 421ක් දිවයිනට

 Covid 19 වසංගත හේතුකොටගෙන විදෙස් රටවල සිට මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 421 දෙනෙකු අද(19) අලුයම දිවයිනට පැමිණ තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 648 දරණ ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකුත් කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 668 දරණ විශේෂ ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයෙන් ශ්‍රී ලාංකිකයින් 394 දෙනෙකුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් – 504 දරණ ගුවන් යානයෙන් එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකුත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

විදෙස් රටවල සිරව සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි සියළුම ගුවන් මගීන් පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *