එංගලන්ත පාකිස්ථාන අවසන් ටෙස්ට් තරඟය අද
සත්කාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරඟය අද (21) ලංකාවේ වේලාවෙන් ප.ව.3.30ට ආරම්භ වීමට නියමිතය.
පළමු තරඟය කඩුලු 3කින් ජයගැනීමට සමත් වූ සත්කාරක එංගලන්තය මේ වන විට 1-0 ක් ලෙස තරඟාවලියේ ඉදිරියෙන් සිටියි.
දෙවන තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වූ හෙයින් අද පැවැත්වීමට නියමිත තරඟය දෙපිලටම තීරණාත්මක තරඟයක් වනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
