ක්‍රීඩාදේශීය

ජාතික ක්‍රීඩා සභාවේ නිළධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

ඊයේ(20) දිනයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම සඳහා ජාතික ක්‍රීඩා සභාවේ නිළධාරීන්හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදුවිය.

ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැංවීමට හා නව ජවයකින් පවත්වා ගැනීමට විවිධ අංශවලින් විශාල දායකත්වයක් ලබා දීමට නව ක්‍රීඩා සභාව කටයුතු කර ඇත.

මෙම ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වේ.

අමාත්‍යවරයා අතින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පත්වීම් ලද නව සාමාජිකයන්

01.මහේල ජයවර්ධන මහතා – සභාපති
02. කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික
03. ශවේන්ද්‍ර සිල්වා මහතා – කමිටු සාමාජික
04. රොවේනා සමරසිංහ මිය – කමිටු සාමාජික
05. සංජීව වික්‍රමනායක මහතා – කමිටු සාමාජික
06. ජූලියන් බෝලිං මහතා – කමිටු සාමාජික
07. යශ්වන්ත් මුත්තෙට්ටුවගම මහතා – කමිටු සාමාජික
08. සුපුන් වීරසිංහ මහතා – කමිටු සාමාජික
09. කස්තුරි විල්සන් මිය – කමිටු සාමාජික
10. රුවන් කෑරගල මහතා – කමිටු සාමාජික
11. රාජිත අම්පෙමොහොට්ටි මහතා – කමිටු සාමාජික
12. රොහාන් ප්‍රනාන්දු මහතා – කමිටු සාමාජික
13. ඩිලන්ත මාලගමුව මහතා – කමිටු සාමාජික
14. අමල් එදිරිසූරිය මහතා – කමිටු සාමාජික යන අය වේ.

ක්‍රීඩාවේ දියුණුව, ප්‍රතිපත්ති, ප්‍රමිතිය හා යටිතල පහසුකම් නගා සිටුවිය හැකි ආකාරය පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම ක්‍රීඩා සභාවේ කාර්යභාරයන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *