Uncategorizedදේශීය

ශ්‍රී ලාංකිකයින් 135ක් යළි දිවයිනට

Covid 19 ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි මෙරට තවත් පුද්ගලයින් 135 දෙනෙකු දිවයිනට පැමිණි අතර ඔවුන් කටාර් රාජ්‍යයේ සහ තායිලන්තයේ රැඳී සිටි පුද්ගලයින් පිරිසක් වේ.

කටාර් රාජ්‍යයෙන් පුද්ගලයන් 47 දෙනෙකුද තායිලන්තයෙන් පුද්ගලයන් 88 දෙනෙකුද කටුනායක ගුවන්  තොටුපොළ වෙත පැමිණ තිබේ. මෙරටට පැමිණි පුද්ගලයින් සියළු දෙනා ගුවන් තොටුපළ තුළදීම PCR පරීක්ෂණ සඳහා යොමුකර පසුව නිරෝධායනය කටයුතු සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *