තවත් Covid ආසාදිතයින් 23ක් හඳුනාගැනේ
කුවේට්, තුර්කි, චෙන්නායි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්කළ පුද්ගලයින් 23 දෙනෙකු Covid ආසාදිතයින් ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙරටින් වාර්තාවන සමස්ත Covid ආසාදිතයින් සංඛ්‍යාව 2941ක් වේ.
අසාදිතයින් 141 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර Covid 19 වෛරසය ආසාදනය වී සුවය ලබා තම නිවෙස් වෙත පිටව ගිය පිරිස 2789ක් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, මේ වන විට සමාජය තුළින් අසාදිතයින් වාර්තා නොවන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
