පාසල් අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ඇරඹේ..
Covid 19 හේතුවෙන් පාසල් සිසුන්ට පාසල් පැමිණීමට වාතාවරණයක් නොතිබූ හෙයින් මාස ගණනාවකින් පසු අගොස්තු මස සිට පාසල් යළි ඇරඹුණ ද රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල 10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව. 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වුණ ද එම ශ්‍රේණි සඳහා පාසල් කාලය අගෝස්තු මස අවසන් තුරු පමණක් ඉහත කාලසීමාව යටතේ පැවැත්වේ.
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් මස 02 වැනි බදාදා දින සිට පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 තෙක් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
