කඩඉම පසුකරන්න සැරසෙන ජිමී ඇන්ඩර්සන්
සුපිරි වේගපන්දු යවන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩක ජිමී ඇන්ඩර්සන් පකිස්ථානය සමඟ මේ වන විට පැවැත්වෙන තුන් වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිමේ දී කඩුළු 5ක් දවා ගනිමින් ටෙස්ට් කඩුළු 600ක් බිඳ හෙළු පන්දු යවන්නන්ගේ ලැයිස්තුව ආසන්නයටම පැමිණ තිබෙන අතර ජිමී ඇන්ඩර්සන් මේ දක්වා බිඳ හෙළා ඇති මුළු කඩුළු සංඛ්‍යාව 598ක් වේ.
පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාව වන කඩුළු 800ක සංඛ්‍යාවක් බිඳ හෙළු මුත්තයි මුරලිදරන් පළමු ස්ථානයේත් ෂේන් වෝන් සහ අනිල් කුම්ලේ දෙවන හා තෙවන ස්ථානවලත් පසුවේ.
එංගලන්ත හා පාකිස්ථාන ටෙස්ට් තරඟාවලියේ තුන්වන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද (24) යි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
