ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධනයන් ඇරඹේ
පසුගිය මහා මැතිවරණය හේතුවෙන් කල් දැමීමට සිදු වූ ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු 2021 වර්ෂය සඳහා මේ වන විට ආරම්භ කර ඇත.
ජාතික හැඳුනුම්පතක් හිමි සැම පුද්ගලෙයකුම තම නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කළ යුතු බවත් නම ඇතුළත් කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරුන් විසින් ලබාදෙන බී.සී. ආකෘති පත්‍රය පුරවා භාරදීමට කටයුතු කළයුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙම ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ කටයුතු ලබන වසරේ පෙබරවාරි මාසයේ දී සිදුකිරිමට නියමිතව ඇති අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව පැවැත්වුණ හොත් එම මැතිවරණය සඳහා යොදාගනු ලබන්නේ මෙම ඡන්ද හිමි නාමලේඛනය බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
