විදුලිය බිඳවැටීමේ කමිටු වාර්තාව අද කැබිනට් මණ්ඩලයට
පසුගිය 17 වනදා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පත් කරණු ලැබූ කමිටුවේ, සිදුවීමට අදාළ කමිටු වාර්තාව පෙරේදා (24) අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට භාරදුන් බව අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එම විදුලි බිඳවැටීමට හේතුව කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ සේවකයෙකුගේ අත්වැරදීමක් බවත් එය නොරොච්චෝලේ විදුලි බලාගාරයට බලපා ඇති බවත් කමිටුව විසින් කළ විමර්ශන වලදී තහවුරු වී ඇත.
මෙම කමිටු වාර්තාව අද (26) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර යළි මෙවැනි සිදුවීමක් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ද මෙහි ඇතුළත්ව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
