දේශීය

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තු විවාදයට

රුපියල් බිලියන 1300කට නොවැඩි මුදලක් වියදම් දැරීමට අනුමැතිය ඉල්ලා රජය විසින් ඉදිරිපත් කෙරුණු අතුරු සම්මත ගිණුම සඳහා ඊයේ(26) දින පස්වරුවේ දී රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

ඒ අනුව අද (27) සහ හෙට (28) දිනයන් හි රැස්වන පාර්ලිමේන්තුවේ දී මෙම අතුරු සම්මත ගිණුම විවාදයට ගැනීමට නියමිතව තිබෙන අතර රුපියල් බිලියන 750 කට නොවැඩි මුදලක් භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනීම සඳහා වන යෝජනාව ද විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මෙයට අමතරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පත්කිරීම සඳහා වන යෝජනාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව එම කාරක සභාවට අදාළ සමාජිකයන්ගේ නම් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *