හලාවත ස්වයං නිරෝධායනය වෙමින් සිටි කාන්තාවකට කොවිඩ්
හලාවත ප්‍රදේශයේ නිවසක් තුල ස්වයං නිරෝධායනය වෙමින් සිටි කාන්තාවකට Covid 19 ආසාදනය වී තිබේ.
මෙම කාන්තාව පසුගිය ජුලි මස 31වන දින ඩුබායි සිට ලංකාවට පැමිණ වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනය වී ඇති නමුත් එහිදී සිදුකර ඇති PCR පරීක්ෂණවල දී ඇය Covid 19 ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබේ.
අගෝස්තු 15 දින ඇය සිය නිවසට පැමිණ නිවසේ දී ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටිය දී සිදුකළ PCR පරීක්ෂාවන්ට අනුව ඇය Covid 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
මේ වන විටCovid 19 ආසාදිත කාන්තාව හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර කටයුතු සදහා යොමු කර ඇති අතර ඇයගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
