මත්ස්‍ය ආනයනය අවම කිරීමට යෝජනාවක්
මත්ස්‍ය ආනයනය කිරීමට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමට පැතිකඩ කිහිපයකින් සැලසුම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (27) දින පස්වරුවේ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය.
විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර මෙහි දී විදේශ විනිමය උපයන අපනයන අතරට ධීවර කර්මාන්තය පත්විය යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍යයන් අභිජනනය කර අපනයනය කිරීම තුළින් සහ ලොව විශාල ඉල්ලුමක් ඇති ජලජ පැළෑටි ආනයනය කර නිෂ්පාදනාගාර තුළ වගා කර නැවත ප්‍රති අපනයනයක් තුළින් වැඩි විදේශ විනිමයක් ඉපයීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් මෙහි දී වැඩි දුරටත් සාකච්ඡා කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
