ශ්‍රී ලාංකිකයින් 462ක් යළි දිවයිනට
Covid 19 වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි වූ විදෙස් රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (28) දින දිවයිනට පැමිණ තිබේ .මෙලෙස පැමිණ ඇත්තේ මාලදිවයින, එංගලන්තය සහ තුර්කියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 462 දෙනෙකුය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්- 4102 දරණ විශේෂ ගුවන් යානයෙන් මාලදිවයිනේ මාලේ නුවර සිට මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 196 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් – 504 දරණ ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 142 දෙනෙකු ද තුර්කි ගුවන් සේවයේ ටී.කේ- 730 දරණ ගුවන් යානයෙන් තුර්කියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 124 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ගුවන් තොටුපළවලදීම මෙරටට පැමිණි සියළුම ගුවන් මඟීන් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
