දේශීය

අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත වේ

පාර්ලිමේන්තුවේ පසුගිය 27 දින සිට විවාදයට ගත් අතුරු සම්මත ගිණුම දින 02ක පාර්ලිමේන්තු විවාදයකින් අනතුරුව ඊයේ (28) දින ඡන්ද විමසීමකින් තොරවම සම්මත විය. මේ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

ඉදිරි මාස 04ක කාලය සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරීමට අනුමැතිය ඉල්ලා රජය විසින් මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර ඇත.

නැවත පාර්ලිමේන්තු රැස්වීම සැප්තැම්බර් මස 08 වන දින ප.ව.01.00ට පැවැත්වීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *