ආනවිළුන්දාව වැනසූ සැකකරු අත්අඩංගුවට
ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් එළිපෙහෙළි කර ඉස්සන් කොටු ගොවිපළක් ඉදිකිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රය සහ එහි රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වනජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂකවරයා විසින් ආරච්චිකට්ටුව පොලීසියට කර ඇති පැමිණිල්ලක් මත ඊයේ (28) දිනයේ දී අදාළ සැකකරුගේ නිවසේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු මෙසේ අනවසරයෙන් එළිපෙහෙළි කර ඇත්තේ ආනවිළුන්දාව අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතව තිබූ කොටසකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
