දේශීය

කොවිඩ් හේතුවෙන් ඇති වූ ආර්ථික ගැටලු විසඳීමට ක්‍රමවේදයක්

Covid 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරට සිදුව ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා දිගුකාලීන සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

ඒ අනුව Covid 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බිඳවැටුණු ව්‍යාපාර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සමීක්ෂණයක් සිදුකිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඇති අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමය හරහා සම්පූර්ණ කිරීම තුළින් මෙලෙස අසීරුතාවන්ට මුහුණ දුන් ව්‍යාපාරිකයන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දීම සිදුකළ හැකිය.

මේ වන විටත් සමීක්ෂණයට අදාළ කටයුතු ආරම්භ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *