අවුරුදු 40ක් නීතිය ක්‍රියාත්මක වුනේ මහා පරිමාන ජාවාරම්කරුවන්ට එරෙහිව නෙමෙයි – දේශබන්දු තෙන්නකෝන්
අවුරුදු 40ක ඉතිහාසයක් තුළ කුඩා පරිමාණයේ මත් ද්‍රව්‍යයට ඇබ්බැහිවූවෙන් අල්ලා නීතිය ඉදිරියට ගෙන ආවත් මහා පරිමාන කුඩු ව්‍යාපාරිකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න අපොහොසත් වූ නිසා මත් ද්‍රව්‍ය ජාලය බිද දැමීමට නොහැකි වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් ප්‍රායෝගික සහ නෛතිකව ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සදහා විශේෂ වැඩමුළුවකට සහභාගි වෙමින් අද (29) තෙන්නකෝන් මහතා මේ අදහස් ඵල කළා.
බස්නාහිර පලාත තුළ පමණක් සංවිධානාත්මක අපරාධ කල්ලි 25ක් ක්‍රියාත්මක වන බව පැවසූ තෙන්නකෝන් මහතා ඉදිරියේදී එම සියලු අපරාධ කල්ලි මැඩලීමට දැඩිව ක්‍රියා කරන බව පවසන ලදි.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසූවේ පාතාලය, මත් ද්‍රව්‍ය සහ කප්පම් කල්ලි නැත්තටම නැති කිරීම තම ප්‍රමුඛ කාර්යය බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
