විගමනික ශ්‍රමිකයන්ට වන්දි ලබා දෙන්න – නිමල් සිරිපාල
Covid 19 වෛරසය හේතුවෙන් විගමනික ශ්‍රමිකයන්ට රැකියා අහිමි වූ අතර නැවත රැකියා ලබා දීමට හා ඔවුන්ට වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලීමක් කර ඇත.
ඊයේ (28) දින කම්කරු අමාත්‍යාංශයේ දී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත සිම්රිත් සිංග් මහත්මිය සමඟ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා විසින් එම ඉල්ලීම සිදුකර ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පවසා ඇත්තේ ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, වේතනය හා වීසා ලබා ගැනීමේ දී මතුවන ගැටලු පිළිබඳව ද එම කරුණු සම්බන්ධයෙන් අන්තර්ජාතික කම්කරු සංවිධානයේ මැදිහත්වීම ද අපේක්ෂා කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
