ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි දිවයිනට
අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍යවල සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 322 ක් දිවයිනට පැමිණ තිබේ.
කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 42 දෙනෙකු ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 280 දෙනෙකු ද මෙලෙස පැමිණ ඇත.
මෙරටට පැමිණි සියළුම ගුවන් මඟීන් කටුනායක ගුවන්තොටුපළ තුළදීම පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
