ඇෆ්ගනිස්ථානයේ ගංවතුර – 160කට ජීවිත හානි
පසුගිය බදාදා(26) දිනයේ ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයින් 160 දෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මියගිය පිරිස අතරින් කාබුල් අගනුවරට උතුරින් පිහිටි පර්වාන් හි පුද්ගලයන් 116 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 120කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන් වේ.
පුරා සතියක් තුළ ඇති වූ මෙම ගංවතුර තත්වය හේතුවෙන් ග්‍රාමීය ගොවි ගම්මානවල පිහිටි නිවාස 2000ක් පමණ විනාශයට පත්ව ඇත.

මෙම ගංවතුර තත්වය හේතුවෙන් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
