ඉන්දියාවේ Covid 19 වාර්තාගත ලෙස ඉහළට
ලොව මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (30) දින ඉන්දියාවෙන් වාර්තා වී ඇත. ඒ අනුව ආසාදිතයින් 79,457 දෙනෙකු ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉකුත් දින කිහිපයේදීම ලොව වැඩිම දෛනික Covid 19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද ඉන්දියාවෙනි. ඒ අනුව පසුගිය සෙනසුරාදා (29) දින පමණක් ආසාදිතයින් 78,761ක් වේ.
මෙලෙස දිනෙන් දින වැඩිවන Covid 19 ආසාදිතයින් හේතුවෙන් මහත් අර්බුදයකට මුහුණ පා සිටින ඉන්දියාව මේ වන විට සමස්ථ Covid 19 ආසාදිත මරණ සංඛ්‍යාව 64, 617 ක් වන අතර හඳුනාගෙන තිබෙන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3, 619, 169 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
