රනිල් අකිල පාස්කු කොමිසමට
පාස්කු ඉරුදින සිඳු වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා අද (31) දින පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ඇත.
එහිදී අකිල විරාජ් කාරියවසම් මහතා පැය 2ක පමණ කාලයක් තුළදී ප්‍රකාශයක් ලබා දුන් අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැය 4ක පමණ කාලයක් තුළදී ප්‍රකාශයක් ලබා දීමෙන් පසු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

පසුගිය 26 වන දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පැජට් පාරේ පිහිටි නිවස තුළ දී පැය 9ක කාලයක් පාස්කු කොමිසමේ නිළධාරීන්ට ප්‍රකාශයක් ලබා දී තිබුණි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
