විදේශීය

තායිවානයේ දැරියක් සරුංගලයක පැටලි ගුවනට ඇදී යයි.

2020 තායිවාන් අන්තර්ජාතික සරුංගල් පසුගිය ඉරිදා( අගොස්තු 31) ආරම්භ වු අතර ආරම්භක දිනයේදීම සිදුවු අනපේක්ෂිත සිදුවිමක් නිසා සරුංගල් සැණකෙළිය නවතා දැමිමට සංවිධායකයන්ට සිදුවිය.
වයස අවුරුදු 3 ක දැරියක් සරුංගලයක වල්ගයෙ පැටලි ගුවනට ඇදීයාම මෙසේ සරුංගල් සැණකෙළිය නවතා දැමිමට හේතු වී ඇති අතර සිදුවිමට අදාල වීඩියෝ දර්ශන විදෙස් ජනමාධ්‍ය ආයතන වාර්තාකර තිබුණි.

කෙසේ වෙතත් අදාල සිදුවිමෙන් දැරියට කිසිදු හානියක් සිදුනොවු අතර ඇය බිමට වැටිමට ඉඩනොදි සුරක්ෂිතව අල්ලාගැනීමට අවට පිරිස සමත් වී තිබුණි.
මේම සිදුවිම වාර්තාවු තායිවානයේ හිංචු නගරයේ රජයේ නාගරික නියොජිතයන් ජනතාවගෙන් සමාව අයදිමින් සිද්ධියට ආදාලව පරික්ෂණයක් ආරම්භ කර ඇත.

ආදාල දර්ශන පහතින්..


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *