එංගලන්ත – පාකිස්ථාන විස්සයි විස්ස ජය පරාජයකින් තොරව නිමා වෙයි
සංචාරක පාකිස්ථානය හා එංගලන්තය අතර පැවති පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ජය පරාජයකින් තොරව ඊයේ (01) දින නිමා විය.
මෙම තරගාවලියේ දී කණ්ඩායම් දෙකම තරඟ වට 1-1ක් ලෙස ජයගැනීමට සමත් වූ අතර ඊයේ (01) පැවති තුන්වන විස්සයි විස්ස තරගය ලකුණු පහකින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.
එහි දී පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන පිල පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 190ක් රැස් කරගත් අතර අනතුරුව පන්දුවට පහරදුන් එංගලන්ත පිල පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 185ක් පමණක් රැස්කර ගත්තේය.
මෙහි පළමු තරගය එංගලන්ත පිල ජයගත් අතර දෙවැනි තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
